Wednesday, December 2, 2015

How To Speed Firefox Web Browser

 Firefox Web Browser එකේ වේගය වැඩි කරමු.


ඔයාල දැනටමත් ගිනි නරියා එක්ක වැඩ කරනවානම් ඔන්න ඇගට දැනෙන්න Internet Speed එක වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේක කලාට පස්සේ  වෙනදාට වඩා හරිම ජවසම්පන්න ලෙස වැඩකරනවා.
 

පියවර 1: Firefox  වැඩසටහන Open කරලා ඒකේ New Tab එකක් Open කර ගන්න. දැන් Addressbar එකේ about:config කියල Type කරලා Enter කරන්න. එතකොට ඒවි ඔය  පහල දාලා තියෙනවා වගේ අවවාදාත්මක වින්ඩෝ එකක්. බය වෙන්න එපා.  කියන විඩියටම කරන්න. සාර්ථක ප්‍රතිපල ලැබෙයි. ඉතින් එතන තියෙන “I’ll be careful, I promise!” කියන බොත්තම මත Click කරන්න

පියවර 2 : ලැබෙන නව වින්ඩෝවේ හොදට බලන්න ඔයාලගේ වම් අත පැත්තට වෙන්න ඉහලින් "Search" කියලා දිග Text Box එකක් තියෙයි Address bar එකටත් පහලින්. දැක්ක නේද.. අන්න එතැන මෙන්න මේ pipelining කියන වචනය Type කරන්න. ගොඩක් හොදයි වචනය විතරක් Copy කරල එතෙන්ට Paste කලා නම්. දැන් Entar කරන්න

පියවර 3: ලැබෙන List එකේ තියෙන network.http.pipelining කියන එකට අදාල Value එක false කියල තියේවි. අන්න ඒක true කරන්න. සදහා අදාල වචනය මත දෙවරක් Click කලයුතු වේ. වගෙම network.http.proxy.pipelining යන්නත් true කරන්න. network.http.pipelining.max-optimistic-requests යන්න Duble Click කර දැනට පවතින අගය 8 කරන්න

පියවර 4: දැන් ඔය Page එකේම හිස් ඉඩකට ගිහිල්ලා Right Click කරලා New>Integer තෝරා ලැබෙන Text Box එකට nglayout.initialpaint.delay ලෙස ලබා දී OK කරන්න


OK කල සැනින් තවත් Input box එකක් එයි. එකේ Value එක 0 ලෙස තියන්න.OK කරන්න

පියවර 5: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.notify.interval ලෙස ලබා දී අගය 500000 ලෙස යොදා OK කරන්න

පියවර 6: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.switch.threshold ලෙස ලබා දී අගය 250000 ලෙස යොදා OK කරන්න

පියවර 7: හිස් ඉඩ මත Right Click කර New > Boolean ලෙස තෝරා පෙර අවස්තාවල වගේම නම සදහා content.notify.ontimer ලෙස දී අගය true ලෙස තබන්න

පියවර 8: ඉහට පියවර ලෙසට New>Boolean තෝරා නම ලෙස content.interrupt.parsing යන්න ලබා දී Value එක false ලෙස තබන්න

ඔන්න වැඩේ කොරල ඉවරයි. දැන් ඉති Firefox එක පොඩ්ඩක් Restart(ඒ කියන්නෙ Firefox අලුතින් open කරන්න.)  පාරක් දාලා බලන්නකෝ. දැන් කලින් තිබ්බට වැඩියෙ අනිවාරෙන් වේගවත් ඇති

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment