Friday, December 18, 2015

Best Sinhala Typing Software


ඔන්න යාලුවනේ අද   ගෙනාව නියම Software  එකක් මේක  නම් ගොඩක් වැදගත් මොකද කියල ඔයාලට දැන ගන්න පුලුවන් මෙක පාවිචි කරන  කොට මෙකෙන් හරිම පහසුයි  සිංහල Type  කරන්න. තව දෙයක්  තමයි මේ Software එක ඔයාලගෙ computer එකේ ඕනෙම  තැනක සිට සිංහල type කරන්න පුලුවන්.
අද කාලයේ පවතින ඕනෑම සිංහල font වර්ගයකින් realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයකි .මෙම මෘදුකාංගයේ නම "පැන්සල" නැතහොත් The Pencil වේ. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක .මෙහි ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි.ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන් type කර එක් වරක් Space එක එබීම පමණි.මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.
Office Mode එක අප යොදා ගන්නේ MS Office ,Adobe photoshop,After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල Type කිරීමටය.
Office Mode එකෙන් type කර පසුව ඔබට කැමති Font එකක් තෝරා දිය හැක.

 

UNICODE Mode:
බ්ලොග් වල ලිවීම, Face Book වල Comments දැමීමට සහ තවත් දේ සදහා UNICODE Mode භාවිතා කල හැක. 

 
මෙම Software එකේ Settings වලට යාමට Software  එක Right Click   කරන්න. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා ගත හැකි වේ.

Software එක Download කර ගැනීමට පහල තිබෙන Button  එක Click   කරන්න. එහිදී ඔබගේ පරිගනකයට ගැලපෙන  software එක Download කර ගන්න


http://www.serandibsoft.com/pencil---350835363505353035233517.html

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

No comments:

Post a Comment