Monday, November 9, 2015

Ransomware(රෑන්සම්වෙයාර් )

රෑන්සම්වෙයාර් සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?  රෑන්සම්වෙයාර් කියන්නේ වෛරසයක්. අපේ පරිගණක හෝ ඕනෑම උපාංගයකට ඇතුළුවෙලා අපේ දත්ත ඔවුන්ගේ භාරයට ගෙන දත්ත නිදහස් කිරීමට මුදල් ඉල්ලන ආකාරයේ භයානක වෛරසයක්. ඉතින් මේ කියන රෑන්සම්වෙයාර් ආකාරයේ වෛරසයක අලුත්ම ටාර්කට් එක වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන්එකයි!

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ආකාරයේ ස්මාට් ෆෝන් එක වෙත ඔබ නොදැනීම ඇතුළුවන මෙම භයානක රෑන්සම්වෙයාර් වෛරසය ඔබගේ ෆින් අංකය වෙනස් කරනවා. ඔබ ෆෝන් එක භාවිතා කිරීමට සූදානම් වී ඔබගේ හුරුපුරුදු ෆින් අංකය භාවිතා කළත් ඔබගේ ස්මාර්ට් ෆෝන් එක එය වැරදි බව කියනවා. ඔන්න ඒ වෙලාවෙම රෑන්සම්වෙයාර් වෛරසය මගින් පණිවිඩයක් ලබාදෙනවා ඔබේ ස්මාර්ට් ෆෝන් එකට වෛරස් ආසාදනයක් වී ඔබේ ෆින් එක රීසෙට් වී ඇති බැවින් ඔබගේ ෆින් එක ලබාදීමට නම් ඇමෙරිකානු ඩොලර් 500ක් අදාළ ගිණුමකට බැර කරන්න කියා..

දැන් ඔබ මොකද කරන්නේ? ෆෝන් එකේ වටිනා දත්ත තියෙනවා නම් ෆෝන් එක මාස්ටර් රීසෙට් එකක් කරන්නත් බෑ. ඒ වගෙ මේ ඉල්ලන මුදල් දෙන්නත් බෑ. ඔන්න ඕකයි ඔය කියන රෑන්සම්වෙයාර් වල තියෙන භයානක කම. ඉතින් අන්තර්ජාලයට ස්මාර්ට් ෆෝන් එකක් හරහ පිසිවෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ආරක්ෂිත විය යුතුයි. හැකිනම් හොද වෛරස් ගාර්ඩ් එකක් ස්මාර්ට් ෆෝන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉදිරියේදී මේ කියන රෑන්සම්වෙයාර් වෛරස් ඔබගේ ලැප්ටොප් එකට ටැබ් එකට විතරක් නොවේ ඔබගේ පරිගණකයටත් එනවා. ඒක සහතිකයි. අපිට එය නවත්තන්නත් බෑ. හොදම දේ හැකි උපරිම අයුරින් ආරක්ෂා වෙන එක.සමහර විට මම නොදන්නව  උනාට විසදුම් ඇති.විසදුමක් ලැබුනොත් අනිවා කියන්නම්.

                        තවත් පෝස්ට් එකකින් හමුවෙමු!!!

No comments:

Post a Comment