Saturday, February 6, 2016

How to set password to word document


ඔන්න ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න යනවා.මට නම් හිතෙන්නෙ මේ සැරේ නම් මම ගොඩ කාලයක් පෝස්ට් නොදා හිටියා.ඒකට සමාවෙන්න ඕන හරිය.කලින් තිබුන ප්‍රශ්නෙම තමයි මේ සැරෙත්.පාඩම් කරන්න කියගා ගෙදරින් බර බරේ.ඉතිං කොම්පියුටරේ පැත්ත පළාතට මට එන්න දෙන්නෑ.මම නැහිල නැහිල තමයි අද අද අවසරයක් ගත්තෙ.අපි පෝස්ට් එක පැත්තට හරරෙමු නේ.අද මම ඔයාලට කියලා දෙන්නෙ word document එකකට password එකක් දාන්නෙ කෙහොමද කියලයි.බය වෙන්න එපා වැඩේ හරිම ලේසියි.පොඩි දේවල් ටිකක් විතරයි කොරන්න තියෙන්නෙ.හරි එහෙනම් වැඩේට බහිමු ද? මුලින්ම word document එකක් open කරගෙන මෙකක් හරි ටයිප් කොරන්න.ටයිප් කරලා ඉවර වෙලා මම දැන් කියන පියවර අනුගමනය කරන්න.


ඔයාලා කවුරුත් දන්න විදිහට save as යන්න.


                                                         පියවර 01 රූපය

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ.ඒකෙ Tools වලට යන්න.( පියවර 02 රූපය)


                                                            පියවර 02 රූපය

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ. ඒකෙ  General options වලට යන්න. .( පියවර 03 රූපය)


                                                            පියවර 03 රූපය

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ. ඒකෙ password to open කියන තැන ඉස්සරහ ඔයාට word document එකට දාන්න ඕන password එක ටයිප් කොරන්න.ඊට පස්සේ OK  කොරන්න.( පියවර 04 රූපය)


                                                          පියවර 04 රූපය.

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ .ඒකෙ ආයෙත් අර password to open තැන ගහපු password ගහන්න.දැන් OK කරන්න.( පියවර 05 රූපය)

                              පියවර 05 රූපය

දැන් සුපුරුදු save as කරන තැනට එනවා තවත් හිත හිත ඉන්නැතුව save තරන්න ඉතිං. .( පියවර 06 රූපය)


                                                    පියවර 06 රූපය

දැන් save කරපු word document එක open කරන්න.දැන් password ඉල්ලනවා නේද? වැඩේ ගොඩ නේ.( පියවර 07 රූපය)


පියවර 07 රූපය

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.



No comments:

Post a Comment