Friday, January 8, 2016

SpyBHORemover

Image result for SpyBHORemover logo\

ඔන්න පංති ඉවර වෙලා ගෙදර ආපු ගමන් තවත් පෝස්ට් එකක් ලියන්න කියලා කොම්පියුටරේ ගාවට සේන්දු උනා.ඉස්සෙල්ලා පෝස්ට් එක ලියපු නිසා පංති යන්න පරක්කු උනා.පංතියට ගියපු ගමන් සර්කාරයා බරබරේ දැම්මා පරක්කු වෙලා ආවා කියලා.මාත් ඉතිං පොරට ඇති තරං කියෝපං කියලා කට වහන් හිටියා.අන්තිමට පොරටම එපා වෙලා නැවැත්තුවා.හැබැයි ඉතිං ඌට තිබුනු කේන්තිය පංතිය ඉවරවෙනකං නැතිඋනේනම් නෑ.මේ යකා අනිත් එවුන් කරන වැරදි වැඩ වලට මට බනින්න ගත්තා.මට හිතුනා කේන්ති ගියාම වයසට යනවා කියන කතාව ඇත්ත නම් පොර එවෙලෙම මැරෙයි කියලා.ඒ තරමට ඌට කේන්ති.(මම කියන සර් නාකියෙක් හරිද)ශරි ශරි ඒ සීන් වැඩක් නැත.මේ සීන් වැඩක් ඇත. අපේ කොම්පියුටර්වල ඔත්තු බලන්න එන ඕපයෝ එලෝලා දාන්න පුලුවන් භාණ්ඩයක් තමයි මේක.නම  SpyBHORemover.ඇත්තටම අනුන්ගේ කොම්පියුටර් වල දේවල් හොයන්නෙ අහවල් එහෙකට ද? එහෙම හොයන එවුන්ටනම් මෝල්ද මන්දා(සමහර එවුන් නම් කප්පම් ගන්න මේ දේවල් කරනවා.තවත් ඕපයෝ අනුන්ගෙ දේවල් හොයන්න මේ දේවල් කරනවා.ඒක නම් මහ මෝඩ වැඩක් අනුන්ගෙ දේවල් හොයන්න තමන්ගෙ මුදල් මෙකටද වියදම් කරන්නෙ?)ආ කියන්න අමතක උනා මේක පොර්ටබල් හරිය.එම්.බී දෙකක්වත් නෑ.ඔන්න screenshot එකක් තියෙනවා.


මෙතනින් SpyBHORemover බා ගන්න.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

2 comments:

  1. Replies
    1. ස්තූතියි දුන්න සහයෝගයට

      Delete