Tuesday, November 10, 2015

Mantra For Win The Exam

මතක හිටින්න පාඩම් කරන්න මන්ත්‍රයක්‌

උසස්‌ ලෙස විභාග සමත් වීම පිණිස කරනවා යෑයි කියන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ ප්‍රචාරක දැන්වීම් පුවත්පත් සඟරාවලින් නොනැවතී රූපවාහිනිය දක්‌වා පැතිරී තිබේ. යන්ත්‍ර, මන්ත්‍ර, ආදී ගුප්ත විද්‍යාවලින් විභාග සමත් විය හැකිද? නැතහොත් අධ්‍යාපනයේ සාර්ථකත්වය උදෙසා භාවිතා කළ හැකි එවැනි ගුප්ත විද්‍යාවන් තිබේද? යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

මේ අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස්‌ පෙළ විභාග ඉදිරි දිනවල ආරම්භ වීමට නියමිතය. විභාගයට මුහුණ දීමට භීතියක්‌ දක්‌වන සිසු සිසුවියන් මෙවැනි දැන්වීම්වලට ආකර්ෂණය වීමටද ඉඩ තිබේ.

ප්‍රශ්න පත්‍රය යනු වසරක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ තුළ උගත් දේ මතක තබාගෙන ප්‍රකාශ කළ යුතු දෙයකි. එසේ නම් ඒ සඳහා හොඳින් පාඩම් කිරීම කළ යුතුය. පාඩම් නොකර, විභාග සමත් කර ගත හැකි ක්‍රමයක්‌ ශාන්ති කර්මවල සඳහන් වන්නේ නැත. එසේ කරනවා යෑයි කීම ජනතාව රවටා මුදල් ගරන කූට ව්‍යාපාරයක්‌ පමණි.

එහෙත් විභාගවලට මුහුණ දෙන සිසුවාට ඇති වන ගැටලු කිහිපයකටම ගුප්ත විද්‍යාව මගින් ප්‍රතිකර්ම කළ හැකිය. "අමතක වීම" ප්‍රධාන ගැටලුවකි. පාඩම් කරන දේ හිතේ රඳවා ගැනීමට අපොහොසත් වීම එයයි. " අවබෝධනොවීමද" එවැනිම ගැටලුවකි. මේ හැර " චිත්ත ඒකාග්‍රතාවය දුර්වලවීම" ද බරපතල ගැටලුවක්‌ වේ.

ඉගෙනීමට බලපාන බුධ සඳු වැනි ග්‍රහයින් දුර්වල නම් ඉගෙනීමේ දුර්වලතා ඇති විය හැකිය. මේ හැර ඉගෙනීමට දක්‍ෂ වුවද රාහු දශාවන් ඇති විටෙකදී චිත්ත ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අපහසු වේ. එක ඉරියව්වකින් වැඩි වේලාවක්‌ පාඩම් කළ නොහැකිව නිතර නිතර නැඟිට එහෙ මෙහෙ යැම එවැනි අපලයක ලක්‍ෂණයකි.

කේන්ද්‍ර පරීක්‍ෂාවකදී මේ දුර්වලතා ඇති බව එම කේන්ද්‍ර හිමි දරුවන්ගේ මව්පියන් පිළිගනී. කළ යුතු ප්‍රතිකර්ම ද අසයි. මේ ලිපිය ලියන්නේ ඉගෙනීමට ලැදි වුවත් එවැනි ගැටලුවලින් පීඩා විඳින ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසාය.

නුවණ ලබාගැනීම සඳහා ගණ දෙවියන්ට පුද පූජා තැබිම සිරිලක පුරාණ චාරිත්‍රයක්‌ව තිබේ. ගණ දෙවි හෑල්ල නම් කවි පොත ඊට නිදසුනකි. සරස්‌වතී දේව මෑණියන්ට පූජා තැබීමද එසේය. විශේෂයෙන් සංගීතය, නර්තනය, වැනි කලා ශිල්ප ප්‍රගුණ කිරීමට මෙම දෙවිවරුන්ගේ ආශිර්වාදය පතනු ලැබේ.

බෞද්ධ දරුවන්ට විශේෂයෙන් ශ්‍රද්ධාව ඇතිව කරන බුද්ධ වන්දනාවකින් මේ අරමුණ ඉටුකරගත හැකිවේ. මේ සඳහා පළමුව බුදු රජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව තරමකවත් අවබෝධයක්‌ ඇති කරගත යුතුය.

බුදුගුණ අනන්තය. බුදුවරයකු විසින් වුවද බුදුගුණ පිළිබඳව ජීවිත කාලය පුරා ප්‍රකාශ කළද ඒ අනන්ත ගුණ කියා නිම කළ නොහැකි බව ධර්මයේ සඳහන් වේ. මේ ගුණඅංග නමයකට සංක්‍ෂිප්ත කොට ඉතිපිසෝ ගාථාවේ දක්‌වා තිබේ. ඉතිපිසෝ ගාථාව සඳහන් වන්නේ ධජග්ග සූත්‍රයේය. ඒ බුදු රජාණන් වහන්සේ විසින්ම සිදු කළ ශ්‍රී මුඛ දේශනාවකි.

ඉගෙනීම කරන ශිෂ්‍යයා දිනපතා බුද්ධ වන්දනාව කළ යුතුය. ඒ සඳහා සුදුසු තැනක්‌ තම නිවසේ පිළියෙල කරගත යුතුය. කෑම කාමරය, නානකාමර අසල, දොරමුළුවල කුස්‌සිය අසල වැනි ස්‌ථාන ඊට සුදුසු නැත. බුදු පිළිමය ඉතා ඉහලින්ද නොව, තරමක ඉහලින් අලංකාරව තැන්පත් කරගත යුතුය. බුදු පිළිමය යනු ඒ උතුමා බුදු රජාණන් වහන්සේගේ සංකේතය වූවද, එයට ජීවමාන බුදු හිමියන්ට මෙන්ම ගරු කළ යුතුය. බුදු හිමියන්ට උසස්‌ කෙනෙකු තබා සමාන කෙනෙකුද නැත. සම මට්‌ටමේ දේව රූප වෙසක්‌ කාඩ්, වෙනත් රූප සීවලී යන්ත්‍ර ආදිය තැබීම සුදුසු තැන බුදු හිමියන් ප්‍රමාණවත්ය. මල් පහන් පුදා දණ නමා වැඳීමටත් සුළු වේලාවක්‌ භාවනා කිරීමටත් හැකි තැනක මෙම ස්‌ථානය සකස්‌ කර ගැනීම අගනේය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්, මේ අනන්ත බුදු ගුණවලින් උන්වහන්සේගේ නුවණ හෙවත් බුද්ධ ඥාන ගැන සිතා වන්දනා කළ යුතුය. තමන් ද පිරිසිදු වී මලසුන්, ප්‍රතිමා, පහන් පිරිසිදු කර, මල්, පහන්, සුවඳදුම් පිරිසිදු පැන් ආදිය පුදා බුද්ධ වන්දනාව කළ යුතුය. නුවණින්, දැනුමෙන් බුද්ධියෙන් අගතැන්පත් වූ බුදු රජාණන් වහන්සේට පූජා කරන බව සිතා මෙම පූජා කළ යුතුය. තේරුම නොදන්නා ගාථා කියනවාට වඩා මෙම අර්ථය මෙනෙහි කරමින් දන්නා ගාථා කියවන්න.

පහන් ආලෝකය පූජා කිරීමෙන් නුවණ වැඩේ. ඉන් පසුව පහත සඳහන් පාඨය 21 වරක්‌ කියවන්න. මෙය "නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස" යන ගථාවෙන් ප්‍රස්‌ථාර කරන ලද බලසම්පන්න පාඨයකි.

බුදු රජාණන් වහන්සේ ඒ උතුම් අවබෝධය ලබාගත් විගස ලොවටම බලය පතුරවන ශ්‍රේෂ්ඨ උතුමන් විසින් නමස්‌කාර පාඨය කියා වන්දනා කළ බව සඳහන්ය.

මේ අනුව සාතාගිර නම් යක්‍ෂයා විසින් " නමෝ" කියා ද රාහු අසුරේන්ද්‍රයා විසින් " නස්‌ස" කියාද, සතරවරම් දෙවියන් විසින් "භගවතෝ" කියාද, සත් දෙවිඳුන් විසින් " අරහතෝ" කියාද සහම්පති මහා බ්‍රහ්මයා විසින්" සම්මා සම්බුද්ධස්‌ස" කියාද උන්වහන්සේට අභිවාදනය කර තිබේ.

මෙසේ උතුමන් අට දෙනෙකු විසින් අභිවාදනය කළ මේ අටලොස්‌ අක්‍ෂරයක්‌ වූ නමස්‌කාර පාඨය ඉතා බලසම්පන්නය. අදාල පාඨය මෙසේය.



" නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

වම්මා තරද්ධ ගසමෝ අම්බුභතෝ නතෝ සස්‌ස හස්‌ස

සතෝ තම්බු භග නම්මා අස්‌සද්ධතෝ වමෝ සරහස්‌ස

නමෝතස්‌ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස"



අක්‍ෂර නොවරදවා කියවීමට ඉගෙන ගන්න. කියන විට බුද්ධඥානය, ගැනම මෙනෙහි කළ යුතුවේ.

දිනපතා උදේ සහ සවස බුද්ධ වන්දනාවෙන් පසුව මේ පාඨය 21 වරක්‌ බැගින් කියවන්න. ඊට වැඩි වුවද වරදක්‌ නැත. ඉතා හොඳින් කටපාඩමින් කියවීමට හැකි වන විට සිද්ධි වන්නේය.

ඉන් පසුව උදෑසන පිරිසිදු පැන් වීදුරුවකට මේ ගාථාවෙන් 21 වරක්‌ පිරිත් කර බොන්න. පාඩම් කිරීම අරඹන විට 21 වරක්‌ සෙමෙන් කියා අරඹන්න.

මේ අතර රාත්‍රී නින්දට පෙරත්, උදෑසන අවදි වූ විටත් බුදු හිමියන්ගේ අසමාන බුද්ධිය ගැන ටික වේලාවක්‌ මෙනෙහි කරන්න. ඉන් පසුව අධිෂ්ඨාන කර ගන්න හොඳින් ඉගෙනීම කරන බවටත් ඉලක්‌කය කරා නොවැරදීම යන බවටත්.

" මම විශිෂ්ට ලෙස විභාගය සමත් වෙමි"A 10 ගනිමි. වැනි වාක්‍ය ලියා බිත්තියේ අලවා නිතර පෙනෙන්නට තිබීම සුදුසු යෑයි කිව නොහැකිය. ධනාත්මක චින්තනය යෑයි සිතා තමන්ගේ අරමුණු ප්‍රදර්ශනය කිරීමෙන් තමන්ගේ දියුණුව නොඉවසන අය ඒවා දැකීම නිසා අනපේක්‍ෂිත බාධා ඇති විය හැකිය. අරමුණු ඉලක්‌ක තබා ගත යුත්තේ සිත තුළමය. අන්‍යයන්ට කීමෙන් ද ප්‍රදර්ශනය කිරීමෙන්ද ධෛර්යය හීන විය හැකිය.

අප ඔබට ඉදිරිපත් කළේ තුන් ලොවටම අසහාය ගුරුවරයාණත් කාටත් තිලෝ ගුරු වූ බුදු පියාණන් නමදින බලසම්පන්න පාඨයෙන් ප්‍රස්‌ථාර කරන ලද බලවත් ගාථාවකි.

මේ ගාථාව විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් භාවිතා කරන්න. එයින් මතක ශක්‌තිය, චිත්ත ඒකාග්‍රතාව, අවදිවනු ඇත. එය ඒකාන්තය තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබේ බුද්ධිය වර්ධනය වේවා.

1 comment:

  1. Softwarealuthen: Mantra For Win The Exam >>>>> Download Now

    >>>>> Download Full

    Softwarealuthen: Mantra For Win The Exam >>>>> Download LINK

    >>>>> Download Now

    Softwarealuthen: Mantra For Win The Exam >>>>> Download Full

    >>>>> Download LINK Lb

    ReplyDelete