Saturday, February 13, 2016

ubuntu free download

Image result for ubuntu

ඔන්න අද ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න හිතුවා.මේ දවස් වල මට පැය පොඩි හරි විවේකයක් ලැබුනෙ අද විතරයි.ඇයි යකෝ ඉස්කෝලෙ ගිහිල්ලා ආපු ගමන් පංති නැත්නම් ඉස්කෝලෙන් අම්බානෙක ගෙදර වැඩ දෙනවා.හරි හරි වැඩි කතා ඕන නෑ.අද මම ගෙනාවෙ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය.මේක සම්පූර්ණයෙන්ම නොමිලේ අපිට ලබාගන්න පුලුවන්. 

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මෙතනින් බා ගන්න.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

Saturday, February 6, 2016

How to set password to word document


ඔන්න ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න යනවා.මට නම් හිතෙන්නෙ මේ සැරේ නම් මම ගොඩ කාලයක් පෝස්ට් නොදා හිටියා.ඒකට සමාවෙන්න ඕන හරිය.කලින් තිබුන ප්‍රශ්නෙම තමයි මේ සැරෙත්.පාඩම් කරන්න කියගා ගෙදරින් බර බරේ.ඉතිං කොම්පියුටරේ පැත්ත පළාතට මට එන්න දෙන්නෑ.මම නැහිල නැහිල තමයි අද අද අවසරයක් ගත්තෙ.අපි පෝස්ට් එක පැත්තට හරරෙමු නේ.අද මම ඔයාලට කියලා දෙන්නෙ word document එකකට password එකක් දාන්නෙ කෙහොමද කියලයි.බය වෙන්න එපා වැඩේ හරිම ලේසියි.පොඩි දේවල් ටිකක් විතරයි කොරන්න තියෙන්නෙ.හරි එහෙනම් වැඩේට බහිමු ද? මුලින්ම word document එකක් open කරගෙන මෙකක් හරි ටයිප් කොරන්න.ටයිප් කරලා ඉවර වෙලා මම දැන් කියන පියවර අනුගමනය කරන්න.


ඔයාලා කවුරුත් දන්න විදිහට save as යන්න.


                                                         පියවර 01 රූපය

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ.ඒකෙ Tools වලට යන්න.( පියවර 02 රූපය)


                                                            පියවර 02 රූපය

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ. ඒකෙ  General options වලට යන්න. .( පියවර 03 රූපය)


                                                            පියවර 03 රූපය

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ. ඒකෙ password to open කියන තැන ඉස්සරහ ඔයාට word document එකට දාන්න ඕන password එක ටයිප් කොරන්න.ඊට පස්සේ OK  කොරන්න.( පියවර 04 රූපය)


                                                          පියවර 04 රූපය.

ඊට පස්සේ මේ වගේ එකක් එනවනේ .ඒකෙ ආයෙත් අර password to open තැන ගහපු password ගහන්න.දැන් OK කරන්න.( පියවර 05 රූපය)

                              පියවර 05 රූපය

දැන් සුපුරුදු save as කරන තැනට එනවා තවත් හිත හිත ඉන්නැතුව save තරන්න ඉතිං. .( පියවර 06 රූපය)


                                                    පියවර 06 රූපය

දැන් save කරපු word document එක open කරන්න.දැන් password ඉල්ලනවා නේද? වැඩේ ගොඩ නේ.( පියවර 07 රූපය)


පියවර 07 රූපය

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.



Tuesday, January 19, 2016

Need for Speed World Free Download

Image result for nfs world

ඔන්න අද නිවාඩු දවසේ නිවාඩුවෙ පාඩුවේ ඉස්කෝලේ ගෙදර වැඩ ගොඩගැහිලා තියෙද්දිත් පෝස්ට් එකක් ලියන්නයිකියලාකෝම්පියුටර්එකගාවටසේන්දුහෝතාහේඋනා.අදකාලෙකටපස්සේගේම්එකක්ගොනාවා.ගේම්එකේ නම නම් Need for Speed World.කස්ටිය අහලත් ඇති ගේම ගහලත් ඇති මට නං හිතෙන්නෙ. Need for Speed ගේම් ගැන කියන්න ඕනෙ නෑනෙ ඒ කුලයේ බොහෝමයක් පරිගණක ක්‍රීඩා වල ග්‍රැෆික් කොලිටිය නම් පටිට ආතල් බොක්කෙ පාගල් වගේ පට්ට.මට මාර කම්මැලියි බං ටයිප් කරන්නත් බෑ වගේ .කම්මැලිකම යන්න සින්දුවක් ඇහුවා නම් සරිනේ.ඔන්න මම සින්දුවක් අහන ගමන් තමයි පෝස්ට් එකේ ඉතුරු ටික ලියන්නෙ හරිය.ආ පෝස්ට් එ‍කේ තව මොනවද යකෝ ලියන්න තියෙන්නෙ .Screenshot බලලා බා ගන්න.ආ කියන්න අමතක උනා මේ ගේම් එකේ සයිස් එක අඩුයි.මට මතක විදිහට මෙගා බයිට් දහයකට වඩා අඩුයි.  

Image result for nfs world

Image result for nfs world

මෙතනින් Need for Speed World බා ගන්න.

තවත් ෆට්ට පෝස්ට් එකකින් හමුවෙමු.

Monday, January 18, 2016

Audacity 2.1.0.RC3 free download

Image result for Audacity 2.1.0.RC3

ඔන්න ගොඩ කාලෙකට පස්සෙ මේ යකා පෝස්ට් එකක් ලියන්න ඇවිල්ලා?බලපල්ලා වහින්නවත් එනවද කියලා?.හරි හරි මචංලා ගොඩක් කාලෙකට පස්සෙ තමයි පෝස්ට් එකක් ලියන්නෙ.ගිය සතිය තුල එක පෝසට් එකක්වත් ලියන්න බැරි උනා.ඒකට සමා වෙන්න ඕන.මොනව කියලා කොරන්නද? මේ දවස් වල කිසිම විවේකයක් නෑ.අදත් පංති.මතකයිනෙ උඹලට පෝස්ට් ලිය ලිය ඉදල පංති පරක්කු වෙලා ගිහිං වෙච්ච කෙලිය.ඒ කට්ට කෑවෙත් මම.අවුලක් නෑ මට පවුලක් නෑ කියලා මම පෝස්ට් එක ලියන්න පටාන් ගන්නවා හරිය. අද ඔහෙලට දෙන්නෙ Audacity 2.1.0.RC3.මේ සොෆ්ට් එක නම් බොහෝ දෙනෙක්  ගාව ඇති.මම මේ පෝස්ට් එක ලියන්නෙ මේ සොෆ්ට් නැති අයට හරිය.මේ සොෆ්ට් එක ලග නැතත් අහලා හරි ඇති.මොකද මේ සොෆ්ට් එක ඒ තරම් ජනප්‍රියයි.(ජනප්‍රිය උනාට භාවිතය නම් අඩුයි)මේ සොෆ්ට් එකෙන් සින්දුවෙ  කටහඩ එක අයින් කිරීමට අමතරව තවත් බොහෝ දේවල් කරන්න පුලුවන්.(මම සින්දුවකින් කටහඩ අයින් කරන විදිහ ඉදිරි ලිපියකින් කියල දෙන්නම්)හරි හරි වැඩි කතා ඔනෙ නෑ screenshot බලල බා ගන්න.

Image result for Audacity 2.1.0.RC3

Image result for Audacity 2.1.0.RC3

Image result for Audacity 2.1.0.RC3

මෙතනින් Audacity 2.1.0.RC3 බා ගන්න.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

Friday, January 8, 2016

SpyBHORemover

Image result for SpyBHORemover logo\

ඔන්න පංති ඉවර වෙලා ගෙදර ආපු ගමන් තවත් පෝස්ට් එකක් ලියන්න කියලා කොම්පියුටරේ ගාවට සේන්දු උනා.ඉස්සෙල්ලා පෝස්ට් එක ලියපු නිසා පංති යන්න පරක්කු උනා.පංතියට ගියපු ගමන් සර්කාරයා බරබරේ දැම්මා පරක්කු වෙලා ආවා කියලා.මාත් ඉතිං පොරට ඇති තරං කියෝපං කියලා කට වහන් හිටියා.අන්තිමට පොරටම එපා වෙලා නැවැත්තුවා.හැබැයි ඉතිං ඌට තිබුනු කේන්තිය පංතිය ඉවරවෙනකං නැතිඋනේනම් නෑ.මේ යකා අනිත් එවුන් කරන වැරදි වැඩ වලට මට බනින්න ගත්තා.මට හිතුනා කේන්ති ගියාම වයසට යනවා කියන කතාව ඇත්ත නම් පොර එවෙලෙම මැරෙයි කියලා.ඒ තරමට ඌට කේන්ති.(මම කියන සර් නාකියෙක් හරිද)ශරි ශරි ඒ සීන් වැඩක් නැත.මේ සීන් වැඩක් ඇත. අපේ කොම්පියුටර්වල ඔත්තු බලන්න එන ඕපයෝ එලෝලා දාන්න පුලුවන් භාණ්ඩයක් තමයි මේක.නම  SpyBHORemover.ඇත්තටම අනුන්ගේ කොම්පියුටර් වල දේවල් හොයන්නෙ අහවල් එහෙකට ද? එහෙම හොයන එවුන්ටනම් මෝල්ද මන්දා(සමහර එවුන් නම් කප්පම් ගන්න මේ දේවල් කරනවා.තවත් ඕපයෝ අනුන්ගෙ දේවල් හොයන්න මේ දේවල් කරනවා.ඒක නම් මහ මෝඩ වැඩක් අනුන්ගෙ දේවල් හොයන්න තමන්ගෙ මුදල් මෙකටද වියදම් කරන්නෙ?)ආ කියන්න අමතක උනා මේක පොර්ටබල් හරිය.එම්.බී දෙකක්වත් නෑ.ඔන්න screenshot එකක් තියෙනවා.


මෙතනින් SpyBHORemover බා ගන්න.

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

Virtual DJ 8.0.2412 Free Download

Image result for Virtual DJ 8.0.2412

ඔන්න අද ගොඩ කාලෙකට පස්සේ පෝස්ට් එකක් ලියන්න හිතුවා.මේ දවස් වල මට පැය 2කක හරි විවේකයක් ලැබුනෙ අද විතරයි.ඇයි යකෝ ඉස්කෝලෙ ගිහිල්ලා ආපු ගමන් පංති නැත්නම් ඉස්කෝලෙන් අම්බානෙක ගෙදර වැඩ දෙනවා.ඉතිං එපා වෙනවා.අද පංති උනාට ඉස්කෝලෙ  ගෙදර වැඩ හෙට හරි අනිද්දා හරි  කරනවා නියල හිතාගෙන තමයි මම අද ගෙදරට ආවේ.යකෝ ඒත් මට අමතක වෙලා ගණන් වැඩ ටිකෙන් භාගයක්ම කරලා.පසසේ මම පොත් ටික දමල ගහල පෝස්ට් එකක් ලියන්නයි කීලා කොම්පියුටරේ ගාවට සේන්දු උනේ.යකෝ බලපංකෝ තව පැය බාගෙකින් පංති යන්නත් ඕන.ඒ හින්ද මම ඉක්මනට පෝස්ට් එක ලියන්න ගන්නවා හරිය.අද ගෙනාවේ උඩ පැන පැන ඩී.ජේ කරන්න පුලුවන් භාණ්ඩයක්.මම උඩ පැන පැන කියලා දැම්ම නිකං හරි ද උඹලාට ඕන නම් බිම පැන පැන හරි ඩී.ජේ කරපල්ලා.හරි එහෙනම් ඩවුන් කොරලා ඩී.ජේ කරපල්ලකෝ.ඔන්න පල්ලෙහා Sceenshot කිහිපයකුත් තියෙනවා.

Image result for Virtual DJ 8.0.2412

Image result for Virtual DJ 8.0.2412

මෙතනින් Virtual DJ 8.0.2412 බා ගන්න.   

තවත් පෝස්ට් එකකින් හමුවෙමු.

Saturday, January 2, 2016

Advanced SystemCare 8.1 Pro full with License Key




ඔන්න Advanced systemcare 8.1  Licence key එකත් එක්කම ගෙනාව.සොෆ්ට් එක මෙතනින් බා ගන්න.


මෙන්න License key එක

07561-D9DF8-69C57-29294

වැඩේ හරියට කලාම  මෙහෙම පෙනෙයි.



තවත් පෝස්ට් එකකින් හමුවෙමු.